News Line| Off Air
Generic placeholder image

Nov
27

සිරිසේන මහත්තයා හරි තීන්දුවක් ගත්තේ නැති නිසා රටම ඉවරයි

871 Views


සිරිසේන මහත්තයා හරි තීන්දුවක් ගත්තේ නැති නිසා රටම ඉවරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරි තීන්දුවක් නොගත් නිසා රටම විනාශ වී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“අර්බුදය නම් කථාකරලා වැඩක් නෑ. සිරිසේන මහත්තයා ඉක්මනටම තීරණයක් ගන්න ඕන. සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන.මගේ අදහස් මම කියලා තියෙන්නේ. පිළිගන්න එක නොපිළිගන්න එක මම දන්නේ නෑ. මේක පක්ෂයක් නෙමෙයි රටම ඉවරයි.සිරිසේන මහත්තයා හරි තීන්දුවක් ගත්තේ නැති නිසා රට සම්පූර්ණයෙන් ඉවරයි. ශ්‍රී ලංකා එකත් ඉවරයි, පොහොට්ටුවත් ඉවරයි, එක්සත් ජාතික පක්ෂයත් ඉවරයි. අපි ඔක්කොම ඉවරයි. මේ රටේ මිනිස්සුත් ඉවරයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළන්න ක්‍රම තියෙනවා. මම සාමූහිකව ගන්න තීන්දුවල මම ඉන්නවා.”


News Articles
Latest Videos
Most Popular Post