News Line| Off Air
Generic placeholder image

Nov
28

එජාපයෙන් පාද යාත්‍රාවක්

557 Views


එජාපයෙන් පාද යාත්‍රාවක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා සංවිධාන කෙරෙන ‘‘යුක්තියේ හඬ’’ පාද යාත‍්‍රාව මගින් රටම එකම බලයක් ලෙස පෙළ ගස්වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.ලබන මස පළමු වැනිදා මෙම පාද යාත‍්‍රාව කොළඹින් ආරම්භ කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන පවසා සිටියේ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන…

“කොළඹ නගර ශාලා පරිශ්‍රයෙන් ආරම්භ කෙරෙන පාද යාත්‍රාව මොරටුව, පානදුර, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, මාතර, සහ දෙවුන්දර දක්වා…කතරගම දක්වාත් ඉන් අනතුරුව නුවර දක්වාත් මෙම පාද යාත්‍රාව ගමන් කරනවා. පසුව අනුරාධපුරය දක්වාත් සංවිධානය කරලා තියෙනවා. මේ හරහා අපි මුලු රටම පෙළ ගස්වනවා. මේ ගමනේ අවසානේ රටේ සියලු ජන බලවේග ඒකරාශි කරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කොළඹ අවසන් මෙහෙයුමක් කළ යුතුව පවතිනවා.”


News Articles
Latest Videos
Most Popular Post