News Line| Off Air
Generic placeholder image

Nov
28

පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි වාසූ කියයි

1246 Views


පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි වාසූ කියයි

රුපියලේ කඩා වැටීම පාලනය කිරීමට නම් ලංකාවට ඩොලර් පැමිණීම වර්ධනය කළ යුතු බව අමාත්‍ය වාසු දේව නානායක්කාර පවසනවා. එසේම රටින් ඩොලර් පිටවීම පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම ඊට පෙර මාසය හා සසඳා බැලීමේදී අඩුවී ඇති බවත් ඔහු පැවැසීය.

“පුංචි කාර් ගෙන්වා අවසන්. ගෙන්වන්න අවශ්‍යතාවක් නැති තරමට වුවමනා කට්ටිය ගෙන්වා අවසන්. අපි කියන්නේ ලොකු කාර් හා මැද ප්‍රමාණය කාර් ගෙන්වන අයට බදු වැඩි කළ යුතුයි.

පුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.”


News Articles
Latest Videos
Most Popular Post