ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා ප්‍රකාශකර සිටියා.මල්ලාකම් අධිකරණය භාරවීමෙන් පසුව මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් අශෝක් කුමාර් නැමත්තා දෙසැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටියා.
අශෝක්කුමාර් නැමත්තාගේ පෞද්ගලික ලිපිනය වී ඇත්තේ යාපනය කොකුවිල් ප්‍රදේශයේ වන අතර අද දින ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ තවදුරටත් ආවා ක්‍රියාකාරකම් කිරීමට නොහැකි බව පවසමින්.කෙසේ වෙතත් ආවා නමින් හැඳින්වෙන විනෝදන් නැමත්තා තවමත් නිදැල්ලේ සිටින අතරම ඔහුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් පරීක්ෂණ අරඹා ඇත.