News Line| Off Air
Generic placeholder image

Nov
29

මාතර සිද්දියේ ප්‍රධාන සැකකාර සිසුවා පොලිසියට බොරු තොගයක් කියලා

1749 Views


මාතර සිද්දියේ ප්‍රධාන සැකකාර සිසුවා පොලිසියට බොරු තොගයක් කියලා

මාතර ඇලවේල්ල පාරේ දී ශිෂ්‍යයෙකු ඝාතනය කිරීම සඳහා යොදා ගත් පිහිය ‍සොයා ගැනීමට මාතර අපරාධ අංශ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් අද (29) ගත් උත්සාහය අසාර්ථක වී තිබෙනවා. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ උසස් පෙළ සිසුවාගේ ඝාතනයට යොදා ගත් පිහිය තිහගොඩ විටියල ප්‍රදේශයේ සගවා ඇති බවට මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා වූ සිතිජ සෞන්දර්ය පැවසීමත් සමග අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සැකකාර ශිෂ්‍යයා‍ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ලබාගත් අවසරය මත, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ පහලවිටියල කුරුදුවත්තකට අද රැගෙන ගොස් තිබෙනවා. පොලිසියට කරන ලද පාපෝච්ඡාර‍ණයේ දී මෙම සැකකාර සිසුවා පවසා තිබුණේ එම ‍ඝාතනයට යොදා ගත් පිහිය පහලවිටියල කුරුදු කැළයක සඟවා ඇති බවයි. නමුත් එහි ගිය නිලධාරීන් එම ඉඩමේ පිහිය නොතිබුණු බව පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

රසිදු ගිම්මාන ඝාතනය කළ දින රාත්‍රියේ එහි ප්‍රධාන සැකකරු සිටියේ පහල විටියල කුරුදු කැළයක බවත්, එම ඉඩමේ ඇති පොල් ගස්වලින් කුරුම්බා කඩාගෙන බී බඩගිනි නිවාගත් බව පැවසුව ද සැකකරු විසින් පොලිසිය රැගෙන ගිය ඉඩමේ එකම පොල් ගසක් හෝ නොතිබුණු බව ද, සැකකරු පොලිසියට බොරු ප්‍රකාශ ලබා දී ඇති බව ද පොලිසිය පවසයි. පසුව අද ඔහු පොලිසියට පවසා ඇත්තේ එම පිහිය අසල ඇති ගඟකට දමා ඇති බවයි. ඒ අනුව අද එම ප්‍රදේශය ‍සෝදිසියෙන්ද පිහිය සොයා ගැනීමට නොහැකිව සැකකරු නැවත බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

සැකකරු දෙසැම්බර් 03 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post