News Line| Off Air
Generic placeholder image

Nov
29

කතානායක ජනපති හමුව අවසන් ඉක්මන් විසදුමකට ජනපති එකඟ වෙයි | සිදුවූයේ කුමක්ද…? සම්පූර්ණ විස්තරය මෙන්න

3689 Views


කතානායක ජනපති හමුව අවසන් ඉක්මන් විසදුමකට ජනපති එකඟ වෙයි |  සිදුවූයේ කුමක්ද…? සම්පූර්ණ විස්තරය මෙන්න

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට අද (2018.11.29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් ගරු කථනායකතුමා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගරු ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත විය.

සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසදුමක් ලබාදීම කල යුතු බව ගරු කථානායකතුමා පෙන්වා දෙනු ලැබීය. මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ අතර, විසදුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

හෙට (2018.11.30) දින පස්වරුවෙහි විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබන බවට මෙම සාකච්ඡාවේ දී ගරු ජනාධිපතිතුමන් එකඟවිය.

එම නිවේදනය පහතින්…


News Articles
Latest Videos
Most Popular Post