News Line| Off Air
Generic placeholder image

Nov
29

තාජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න, අධිකරණය අද නියෝග කරයි

1026 Views


තාජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න, අධිකරණය අද නියෝග කරයි

රගර් කී‍්‍රඩක වසිම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් මිනිමැරීමේ චෝදනාවට සැක කෙරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. තවද අධිකරණයට දැනට ඉදිරිපත් කර සිටින සැකකරුවන් තුන්දෙනාට මිනිමැරීමේ චෝදනාවක් සදහා සාක්‍ෂි නොමැති නම් තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරන ලෙසයි මෙහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සහ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර අදාළ සැකකරුවන් වනවා.

මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. ඝාතනයට පෙර තාජුඞීන් ගමන් කළ වාහනයට පිටුපසින් හඹා ගිය වාහනය සහ පුද්ගලයින් හදුනා ගැනීමට අමෙරිකාවේ නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප සහ වීඩියෝද ලබාගන්නා බවයි එමගින් ප‍්‍රකාශ කෙරුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 1,200 කගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇතැයිද දුරකතන ඇමතුම් ලක්‍ෂ 22 ක් විශ්ලේෂණය කර ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා. නඩුව යළි ලබන වසරේ පෙබරවාරි 28 වනදා කැදවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post