News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම් අද සළකා බලයි

637 Views


මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම් අද සළකා බලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද හා 03 වනදා සලකා බැලීමට නියමිතයි.එම පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් පසුගිය 26 දා විභගයට ගැණුනා.එහිදී සියලුම වගඋත්තරකුවන් වෙනුවෙන් නොතීසි නිකුත් කර නොමැති හෙයින් පෙත්සම නැවතත් අද හා එළැඹෙන සඳුදා දිනයේදී කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කලේ.


News Articles
Latest Videos
Most Popular Post