මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පිළිබඳව සැක සංකා මතුවන බව එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පාර්ලිමෙන්තුවේදි ප්‍රකාශ කළා.පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
එම ට්විටර් පණිවුඩය මගින් කරුණා අම්මාන් පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමාව බිය ගැන්වීමට උත්සහා කරමින් සිටින බවත්, 2004 පෙර තමා කවර ගණයේ පුද්ගලයෙකුද යන්න මතක් කරගන්නා ලෙසත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ පසුගිය වසර තුන හමාරේදි මෙවැනි සිද්ධියක් වාර්තා නොවූ බවත්,මෙම ඝාතනය පිටුපස කරුණා අම්මාන සිටින බව තමන් සැක සහිත බවයි.එබැවින් වහාම මෙම සිදුවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මන්ත්‍රීවරයා ආරක්ෂක අංශ ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.