අගමැති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවෙන් පිටව ඇත්තේ සාමන්‍යය මන්ත්‍රිවරුන් පිටවීමට භාවිතා කරන දොරටුවෙන් බවයි වාර්තා වෙන්නේ. ඒ පාර්ලිමේන්තු පුස්තකාලයේ රනිල් වික්‍රමසිංහ සමග පැවති හමුවීමෙන් පසුවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ නිල රථ සියල්ලම නවතා තිබුණේ පාර්ලිමේන්තුවේ අගමැති ජනපති ආදිය පිටවීමේ විශේෂ දොරටුව ආසන්නයේ උනත් ඒ සියල්ල නැවත මන්ත්‍රීවරු පිටවීමේ දොරටුව අසලට ගෙන්වා ගැනීමට පියවර ගත් බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් කියා සිටියේ.