මහින්ද රාජපක්ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නැති බවට ප‍්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සලකා බැලීම අභියාචනාධිකරණයේදී ආරම්භ වී තිබෙනවා.
එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි දැනුම් දුන්නේ.
මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 122 දෙනෙකු විසිනි.
මෙම පෙත්සම අද (30) කැදවනු ලැබුවේ අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.