News Line| Off Air
Generic placeholder image

Dec
1

ජනාධිපති විධායක බලතල අනිසි ලෙස භාවිතා කරනවා – මනුෂ

788 Views


ජනාධිපති විධායක බලතල අනිසි ලෙස භාවිතා කරනවා – මනුෂ

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වර්තමාන ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නැති බලතල ආරූඨ කරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“පාර්ලිමේන්තුවේ බහුතරය අවස්ථා ගණනාවකදී අපි පෙන්වලා තිබෙනවා. මේක ජනාධිපතිතුමාට පේන්නෙ නැති නිසාදෝ එක එක කතා කිව්වා. හඩින් බෑ කිව්වම ඉලෙක්ට්‍රොනික් විදියට අරගෙන පෙන්නුවා. ස්ථාවර නියෝග අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වැය ශීර්ෂය කපාහරින යෝජනාවක් ඉදිරිපත් කළා. මේකට කලින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා සම්මතවූ බවත් ඇතුළත් කළා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට මුදල් භාවිතා කළ නොහැකි බවට යෝජනාවක් ඉදිරිපත් කළේ ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව, න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසුවයි. ඒ අනුව පැවැත්වූ ඡන්ද විමසීමේදී ඡන්ද 123ක් ලබාගත්තා. තව ටිකක් ගියා නම් මේක 125 දක්වා වැඩි වෙන්නත් තිබුණා.

දැන් ඉතින් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවට පයින් ගහලා කටයුතු කරන්න බෑ. ව්‍යවස්ථාවට ගරු කරන ජනාධිපතිවරයෙක් නම් අද අදම තීන්දුවක් ගන්න ඕන. අද තීන්දුවක් ගන්නේ නැතිනම් ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනීවි. ජනාධිපතිවරයාට රටේ ප්‍රධාන නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම් රටේ සාමාන්‍ය ජනතාවට නීතියට යටත් කරන්නේ කොහොමද? නීති විරෝධී වැඩ කටයුතු සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒක තමයි ඇත්ත” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post