News Line| Off Air
Generic placeholder image

Dec
1

අගමැතිගේ තීරණයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කම්පා වෙයි

952 Views


අගමැතිගේ තීරණයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කම්පා වෙයි

පැණි බීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. සිය පාලන කාලයේදී පැණිබීම වෙනුවෙන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඇගයීමට ලක් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බහු ජාතික සමාගම් ගැන නොසිතා, ජනතාව ගැන සිතා පැණිබීම සදහා එම බදු පනවා තිබූ බවද ඔහු පෙන්වා දෙනවා. එබැවින් අදාළ බදු පහත හෙළිමට ගත් තීරණය පිළිබද යළි අවධානය යොමු කරන ලෙසට මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පැණි බීමවල බදු පහත හෙළිමට ගන්නා ලද කි‍්‍රයාමාර්ගය පිටුපස සෞඛ්‍ය ගැටළු හොදින් දන්නා ඇතැම් වෛද්‍ය සංගම් ද සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post