News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම්වල ගැටලුවක් නෑ – ජනපති

493 Views


අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම්වල ගැටලුවක් නෑ – ජනපති

සියලු අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බලතල අනුව බැවින් එම සියලු පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.

රට තුළ කුමන දේශපාලන නොසන්සුතාවයක් ඇති වුව ද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලු ක්ෂේත‍්‍ර යථා පරිදි පවත්වාගෙන යාම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ද ඔහු සඳහන් කළේය.

ඊයේ (30දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්වීම් ලිපි ප‍්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් රටේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බවත් මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතැබීමේ වගකීම් නිසි ලෙස ඉටුකරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය.


News Articles
Latest Videos
Most Popular Post