News Line| Off Air
Generic placeholder image

Dec
2

ජනපති හා එජාපය අතර අදත් විශේෂ හමුවක්

679 Views


ජනපති හා එජාපය අතර අදත් විශේෂ හමුවක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (02) රාතී‍්‍ර 07.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් අදහස් පළ කරමින් සඳහන් කළේ පසුගිය සාකච්ඡාවෙන් පසු තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවෙන බවයි. පසුගිය සාකච්ඡාවේදී එකඟතාවයට ඒමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් අද දිනයේ සිදු කෙරෙන සාකච්ඡාවේදී එකඟතාවයන්ට එළඹීමට බලාපොරොත්තු වෙන බවද සඳහන් කළා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයද මීට පෙර ජනාධිපතිවරයා හමුවූ අතර දේශපාලන අර්බුදයට ජනාධිපතිවරයා ලබන බදාදා වන විට ස්ථිර විසඳුමක් ලබා දෙනු ඇති බවයි එම මන්තී‍්‍ර කණ්ඩායම ප‍්‍රකාශ කර තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post