News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

සාපෙළට විශේෂ ආරක්ෂාවක්

498 Views


සාපෙළට විශේෂ ආරක්ෂාවක්

සාමාන්‍ය පෙළ විභාගය අද (03දා) ආරම්භ වෙනවා. එය විභාග මධ්‍යස්ථාන 4661 මෙන්ම සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 541ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 33ක් සහ මධ්‍යස්ථාන එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 02කින් ක්‍රියාත්මක වෙනවා.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක් රැස් කිරිමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කෝස්තාපල්වරයෙකු දෙදෙනෙකු පත් කිරිමට පොලිස්පතිතුමා ආදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සෑම පොලිස් වසමකම පවත්වන විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සංචාර සහ පා මුර සංචාර මගින් ආරක්ෂාව සපයනු ලැබේ. තවද , ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සදහාද ආරක්ෂාව සැලසීමට කටයුතු කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post