News Line| Off Air
Generic placeholder image

Dec
3

විග්නේශ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි

438 Views


විග්නේශ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව ඊයේ (02) වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා තිබෙනවා.

වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක මෙසේ අත්පත්‍රිකා බෙදා හැර තිබූණි.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභා පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අද වව්නියාව නගර සභා සංස්කෘතික ශාලාවේදී දෙමළ සංස්කෘතික වැඩසටහනක් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කොට ඇති අතර, ඊට සමගාමීව විග්නේශ්වරන් මහතාට විරුද්ධව මෙම අත්පත්‍රිකා බෙදා හැර ඇත.

අදාල අත්පත්‍රිකා මගින් පෙන්වා දී ඇත්තේ විග්නේශ්වරන් යනු වව්නියාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංවර්ධන වැඩසටහන් රැසක් නැවතු පුද්ගලයෙකු බවටත් එහිදී වව්නියාවට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උක් කර්මාන්තශාලාවන් නැවත්වීම, බස් නැවතුම්පලේ අලාභයන්, ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට මාරු කිරීම ආදි වව්නියාවේ සංවර්ධනයට වින කරපු පුද්ගලයා පළිගනිව් පළිගනිව් කියා එම අත්පත්‍රිකාවල සඳහන් කොට තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post