News Line| Off Air
Generic placeholder image

Dec
3

කොටින්ගේ ආයුධ රැසක් හමුවෙයි

509 Views


කොටින්ගේ ආයුධ රැසක් හමුවෙයි

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්ගේද සහය මත පුදුකුඩිඉරිප්පු පොල්ස් වසමට අයත් සුදන්තිරපුරම් රක්ෂිතයේ අදාළ යුද උපකරණ තොගය සොයාගෙන ඊයේ දින නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

එහිදී සුදන්තිරපුරම් ප්‍රදේශයේදී වලදාමා තිබීයදී ගොඩගත් යුද උපකරණ අතර ,

‘ ටී .56 උණ්ඩ 2250ක්, කාලතුවක්කු උණ්ඩ 6 යි, ආර්.පී.ජී. උණ්ඩ 3යි, අත් බෝම්බ 2යි, දුම් බෝම්බ 2යි, අරුල් බෝම්බ 03යි, 120 උණ්ඩ එකයි, 120 ෆියුස් 3යි, මිලිමීටර් 40 මෝටාර් උණ්ඩ 1යි, පුද්ගලනාශක බිම් බෝම්බ 1යි, ටෝපිඩෝ උණ්ඩ එකක් සහ හඳුනා නොගත් බෝම්බයකුත් ඒ අතර වන බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ උපපොලිස් පරික්ෂක කීර්තිරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් හමු වූ කොටි යුද උපකරණ තොගය මුලතිව් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.


News Articles
Latest Videos
Most Popular Post