News Line| Off Air
Generic placeholder image

Dec
3

මහින්ද ඇතුලු 49 ට එරෙහි රිට් පෙත්සම් විභාගය ඇරඹෙයි

596 Views


මහින්ද ඇතුලු 49 ට එරෙහි රිට් පෙත්සම් විභාගය ඇරඹෙයි

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකු අගමැති ධුරය සහ ඇමතිධුර දැරිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොණු කල පෙත්සම වැඩිදුර සළකා බැලීම ආරම්භ වී තිබේ.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 48 දෙනෙකුට එරෙහිව විශ්වාසභංග 2 ක් පාර්ලිමේන්තුව තුළ සම්මත වී ඇති බවයි අදාළ පෙත්සමෙහි දැක්වෙන්නේ.

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසිරී ගොස් ඇතැයි කථානායකවරයා ප්‍රකාශ කල බව ඒවායෙහි වැඩිදුරටත් සඳහන්. ඒ අනුව අදාළ පිරිස තවදුරටත් අමාත්‍ය ධුර දැරීම වළක්වන ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post