News Line| Off Air
Generic placeholder image

Dec
3

මහින්දගේ අගමැතිධූරයට ඉදිරිපත් වූ පෙත්සම් ගැන තීන්දුව

790 Views


මහින්දගේ අගමැතිධූරයට ඉදිරිපත් වූ පෙත්සම් ගැන තීන්දුව

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද සවස 3.00ට ලබාදෙන බව අභියාචනාධිකරණය සඳහන් කළා.

එම පෙත්සම් පසුගිය (30 දා) හා අද (03 දා) සලකා බැලීමෙන් අනතුරුව මෙම අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කළේය. ඉහත සඳහන් පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් පසුගිය 26 දා පළමුවරට විභාගයට ගැණින.


News Articles
Latest Videos
Most Popular Post