පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම අත්සන් කර නිර්දේශ කලත් තමන් රනිල් වික්‍රමසිංහ යලි අගමැතිධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර ඊයෙ පැවති සාකච්ජාවේදී මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් යලිත් වරක් අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ නම් කර නව කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.අගමැතිධුරයට රනිල් වික්‍රමසිංහ යලි පත් නොකරන බවට ජනාධිපතිවරයා සිය තීරණය දැනුම් දීමෙන් පසු දෙවන වරටත් එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ජාවද අවසන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.