News Line| Off Air
Generic placeholder image

Dec
4

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද වැරදිද ? පෙත්සම් විභාගය අද සිට

834 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද වැරදිද ? පෙත්සම් විභාගය අද සිට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් අද සිට විභාගයට ගැනෙනවා. ඒ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. මෙය ලබන 06 වනදා දක්වා විභාගයට ගැනීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසිනුයි මෙම පෙත්සම් ගොනු කර තිබුණේ. මීට පෙර පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 07 වනදා දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post