News Line| Off Air
Generic placeholder image

Dec
6

කුරුණෑගල නගරය දේශපාලනයෙන් තොර කරන්න අධිකරණයෙන් නියෝගයක්

2154 Views


කුරුණෑගල නගරය දේශපාලනයෙන් තොර කරන්න අධිකරණයෙන් නියෝගයක්

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා කටවුඩ් සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමිපත් හේවාවසම් මහතා කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත. කුරුණෑගල පොලීසියේ අපරාධ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන මහේස්තාත් වරයා එම නියෝගය ඉදිරිපත් කර ඇත.

රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත කුරුණෑගල නගරයේ ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයින්ගේ රුව සහිත බැනර් හා කටවුඩ් කටයුතු වලට යම් හානියක් සිදුවුව හොත් එයින් නගරය තුළ මහජන කැළඔිමක් ඇති විමට ඉඩ ඇති බැවින් ඒ ආකාරයේ සියලුම බැනර් හා කටවුඩ් ඉවත් කිරිමට නියෝගය ලබා දෙන ලෙස පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව මෙම නියෝගය ලැබී ඇත.


News Articles
Latest Videos
Most Popular Post