News Line| Off Air
Generic placeholder image

Dec
6

“Sex” සොයා කාලයක් අංක එකේ සිටි ලංකාව අංක තුනට වැටේ

3300 Views


“Sex” සොයා කාලයක් අංක එකේ සිටි ලංකාව අංක තුනට වැටේ

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙළිවිය. ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ.

මුල් ස්ථාන පහ තුළ නේපාලය හතරවෙනි ස්ථානයේත් ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පසුවෙයි. පළාත් වශයෙන් ගත්විට ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාත ‘Sex’ යන වචනය වැඩිම වාර ගණනක් සොයා තිබෙනවා.නගරයක් ලෙස ගත්විට එම වචනය වැඩිම වාර් ගණනක් සොයා ඇත්තේ උතුරුමැද පළාතේ රාජාංගයි.පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ හෝමාගම මෙහි පළමු ස්ථානයේ පසුඋනා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පාසල් නිවාඩුව තිබෙන අප්‍රේල්, අගෝස්තු හා දෙසැම්බර් කාලවලදී ‘Sex’ වචනය සෙවීමේ ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර මෙවරද එම තත්ත්වය දක්නට ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post