News Line| Off Air
Generic placeholder image

Dec
6

ගාලු කොටුවට විදේශීය බලපෑම් කොටුවේ ජනගහණයත් අඩුවෙයි

1334 Views


ගාලු කොටුවට විදේශීය බලපෑම් කොටුවේ ජනගහණයත් අඩුවෙයි

ගාලු කොටුවේ ඇති ගොඩනැගිලි 450ක පමණ ප්‍රමාණයෙන් ගොඩනැගිලි 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බව ගාලු උරුමය පදනම පවසනවා.මින් පෙර තුන්දහසකට ආසන්න ජනගහනයක් විසූ ගාලු කොටුවේ මේ වන විට එය 1500 වඩා අඩුව ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම කොටුවේ පර්චසයක් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක පමණ මුදලකට අලෙවි වන බවත්, නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණිම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණපා ඇති බවද ගාලු උරුමය පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post