News Line| Off Air
Generic placeholder image

Dec
7

රජයේ උත්සව වලට හෝටල් ගන්න තහනම් ජනපති ගත් දැඩි තීරණය මෙන්න

766 Views


රජයේ උත්සව වලට හෝටල් ගන්න තහනම් ජනපති ගත් දැඩි තීරණය මෙන්න

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලුම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින් සියලු රාජ්‍ය නිලධාරින්ට අද (06දා) දින දන්වා තිබෙනවා.මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබිය දී, ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපති විසින් මෙම තීරණය ගෙන ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post