News Line| Off Air
Generic placeholder image

Dec
10

මීළග පියවර ජනමත විචාරණයක් ද…?

1079 Views


මීළග පියවර ජනමත විචාරණයක් ද…?

රටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බව දේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි මුද්‍රත මාධ්‍යය අද වාර්තාකර තිබුණා.මේ සම්බන්ධයෙන් ජනාධිපති නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ දී ඇත්තේ ජනතාවගේ මතය විමසීමට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අගමැති අපේක්ෂකා ලෙසින් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අයෙකු පත් කිරීමට එකඟ නොවීමත් ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතල අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කිරීමට අකැමැත්ත ප්‍රකාශ කිරීමත් නිසා ඇති වී ඇති ගැටුම රටේ ඉදිරි ගමනට දැඩිව බලපෑම් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා තමන්ට ගත හැකි මීළඟ පියවර පිළිබඳව උපදෙස් ලබා ගනිමින් සිටින බවටයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post