News Line| Off Air
Generic placeholder image

Dec
11

මකාදැමූ හඩපට ගැන නාමල් කුමාරගෙන් හෙළිදරව්වක්

718 Views


මකාදැමූ හඩපට ගැන නාමල් කුමාරගෙන් හෙළිදරව්වක්

මකාදැමූ හඩපට ගැන නාමල් කුමාරගෙන් හෙළිදරවුවක්

තමන් විසින් මකා දැමූ බව කියන හඬපට සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අනාවරණයක් සිදුකර තිබෙනවා.

මෙලෙස මකා දැමූ බව කියන හඬ පට පිළිබඳ පරික්ෂණ සිදු කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය මේවනවිට  හොංකොං රාජ්‍යය වෙත යොමු කර තිබෙනවා.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රණයට අදාළ එම හඬපට, මෙහිදී පරීක්ෂා කෙරෙනු ඇති.

මකාදැමූ බව කියන මෙම හඬපටවල ඇත්තේ කුමක්දැයි, ඒ පිළිබඳ නාමල් කුමාර මෙලෙස විස්තර කළා.

එහිදී නාලක සිල්වා මහත්තයා මට කෝල් කරලා අහනවා..ඇයි ඔයා මම කථා කරන ඒවා රෙකෝඩ් කරලා අහවල් පුද්ගලයාට අහන්න දුන්නේ කියලා.  මේ කතා කරන වෙලාවට මම ඉන්නේ පංසලක. එතකොට මම කල්පනා කළා දැන් මේක තිබිලා අහු වුණොත් අනිවාර්යයෙන් මේ මනුස්සයා මට වෙඩි තියලා මරලා දානවා. ඒ නිසා මම ඒ හඬපටය ඒ වෙලාවෙම මකලා දානවා. හැබැයි අර ආපු කෝල් එක හඬපටයක් විදිහට තිබුණා. ඒක තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්නේ මොකක් හරි තාක්ෂණයක් භාවිතා කරලා මේ මකලා දාපු හඬපටය ගන්න කියලා.” යනුවෙන් නාමල් කුමාර  සඳහන් කළා.

නාමල් කුමාර තවදුරටත් සඳහන් කලේ තමන්ගේ ආරක්‍ෂාව තවමත් අවධානකම පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post