News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

සමනලි කාංචනගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි

871 Views


සමනලි කාංචනගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ඇය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම වන්දි ඉල්ලීම සිදුකර තිබෙනවා.

එය නොගෙවන්නේ නම් නඩු මගට යොමුවන බවත් ඇය වෙනුවෙන් නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා සිය එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post