News Line| Off Air
Generic placeholder image

Dec
13

කැලෑවට බීජ බෝම්බ ප්‍රහාරයක්

1011 Views


කැලෑවට බීජ බෝම්බ ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ වන විනාශය විශාල සමාජ උවදුරක් බවට පත් වෙමින් පවතිනවා. විශාල ව්‍යාපාර සඳහා මෙන්ම දේශපාලන උවමනා උදෙසාද මෙලෙසින් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ කෙරෙමින් පවතිනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ වන ව්‍යාප්තිය වැඩි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව වාර්තා වෙනවා. රට තුළ වනාන්තර ඝනත්වය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ ප්‍රථම වරට MI 17 හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අක්කර 5ක ප්‍රදේශයක් වෙත ශාක බීජ ගුවනින් විසුරවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හරිත ආවරණය 2030 වසර වන විට  27% සිට 32% දක්වා වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.මෙම ව්‍යාපෘතිය යටතේ රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකර තිබේ.

එම අවස්තාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post