News Line| Off Air
Generic placeholder image

Dec
13

විපක්ෂයට යන තීරණය ගන්නේ ජනපති එක්ක සාකච්ඡාවෙන් පස්සේ දිනේෂ් ගුණවර්ධන කියයි

921 Views


විපක්ෂයට යන තීරණය ගන්නේ ජනපති එක්ක සාකච්ඡාවෙන් පස්සේ දිනේෂ් ගුණවර්ධන කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්නේ දැයි යන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

“ජනතා වරමක් ඇති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දීලා තියෙනවා. ජනතාව තමයි අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුවක් තිබෙනවාද නැත්ද කියා. අපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයක් ලැබුවා පෙබරවාරි 10 දා. මහජනයාගේ ළග ඡන්දයක් පවත්වන්න වෙනවා. අපි විපක්ෂයට යනවාද කියා ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.”


News Articles
Latest Videos
Most Popular Post