නවසීලන්ත තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව විස්සයි විස්ස සහ එක්දින සංචිතයේ නව නායකයා ලෙස නම්කර ඇත්තේ ලසිත් මාලිංගවයි. එමෙන්ම උප නායක තනතුර සදහා නිරෝෂන් දික්වැල්ලව නම් කර තිබෙනවා. හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද මෙම සංචිතයට ඇතුලත්ව තිබීම විශේෂත්වයක්. ක්‍රීඩා අමත්‍යංශයේ ඇමතිවරයෙක් නොමැති නිසා මෙම පත් කිරීම් සදහා අනුමැතිය ලැබී ඇත්තේ ජනපති තුමන්ගෙන් වීමද තව විශේෂත්වයක් වනවා. ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය පහතින්