මහින්ද රාජපක්‍ෂ මහතාගේ අග‍්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වළක්වන්නයි ඉල්ලා ගොනු කල අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා.
මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන විභාගය සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලීමක් සිදුකරන මෙන් ඉල්ලා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දන්වා සිටියා.එමෙන්ම මෙම නඩු විභාගය ජනවාරි 16,17 සහ 18 යන දිනවල විභාගයට ගන්නා බවත් ඒ වන විට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසද අධිකරණය දන්වා සිටියා.
ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම විභාගයට ගැනුණා.