News Line| Off Air
Generic placeholder image

Dec
17

Youtube නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තීරණයක්

722 Views


Youtube නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම සිදුකරන නාලිකා මෙසේ ඉවත් කිරීමට නියමිතයි.

මේ ආකාරයට යූටියුබ් නාලිකා 79.6 %ක් පමණ අක්‍රිය කර ඇති අතර ජූලි වල සිට සැප්තැම්බර් මාසය දක්වා නිරුවත හෝ ලිංගික අන්තර්ගතයන් සහිත නාලිකා 12.6% ක් ඉවත් කර ඇති බව යූටියුබ් සමාගම පවසනවා. පළමු වතාවට මිලියන 224 අධික ප්‍රතිචාර මකාදමා ඇති අතර එයින් 99.5%ක් 2018 තුන් වැනි කාර්තුවේදී සමාගමේ ස්වයංක්‍රීය පද්ධතික් මඟින් ඉවත් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post