News Line| Off Air
Generic placeholder image

Dec
17

පාර්ලිමේන්තුවේ ගිනි බියකින් සේවකයින් ඉවත් කරයි, විශේෂ කාර්ය බලකායත් කැදවයි

846 Views


පාර්ලිමේන්තුවේ ගිනි බියකින් සේවකයින් ඉවත් කරයි, විශේෂ කාර්ය බලකායත් කැදවයි

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කළහ.මන්ත්‍රී භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට තිබේ.

සියත 24 මේ පිළිබදව කල විමසීමකදී දැනගැනීමට ලැබුණේ කෘමීන් මර්ධනය කිරීමට ගෙනා රසායනික ද්‍රව්‍ය ඇතුලත් ටැංකියයි මෙලෙස පිපිරි ගොස් ඇති බවයි.මේ සිද්දිය සමගම ක්‍රියාත්මක වූ විශේෂ කාර්යය බලකාය සේවක මණ්ඩලය විස දුම් ආඝ්‍රහණය වීම වළක්වාලමින් පිටතට ගැනීමට කටයුතු කල බවයි. සිද්දියෙන් කිසිවෙකුටත් අනතුරක් නැති බවද වාර්තා උනා.

පාර්ලිමේන්තු පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩිදුර සෝදිසි කටයුතුවල නිරත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post