News Line| Off Air
Generic placeholder image

Dec
17

එජාපයේ සමනල්ලු විතරක් නෙමෙයි විෂ බඹරුත් ඉන්නවා

685 Views


එජාපයේ සමනල්ලු විතරක් නෙමෙයි විෂ බඹරුත් ඉන්නවා

එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු පමණක් නොව විෂ සහිත බඹරුද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා.එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“සිරිසේන මහත්තයෝ එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු විතරක් නෙමෙයි විෂ තියෙන බඹරුත් ඉන්නවා. සිරිසේන ජනපතිගෙයි රාජපක්ෂගේ ගණනුයි වැරඳුනා. අපි අකුළගෙන යයි කියලා හිතුවේ.අපියි එතුමාව පත්කළේ ඒතුමාට ඕන දෙයක් කින්න අපිට අයිතිය තියෙනවා. අපිට දොස් කියන්න එන්න එපා. ලක්ෂ 62ක ජනතාව ඡන්දේ දුන්නේ අලුත් රටක් හදන්න.ඔයාට වෙනත් ගමනක් යන්න පුළුවන් ඒ 2020 වසරෙන් පස්සෙයි. සිරිසේන මහත්තයා රාජපක්ෂත් එක්ක එකතු වෙලා අපිට පාට් දාන්න හදනවා. ”


News Articles
Latest Videos
Most Popular Post