නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පවසනවා. කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණේ යෝජිත නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.
ජනාධිපතිවරයා වෙත පවරා ගැණෙන අමාත්‍යාංශ පිළිබඳවද එහිදී අවධානයට ගැනුණු ඇතැයි දේශපාලන ආරංචි පැවසුවා.