News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

ශ්‍රී. ල.නි.ප මන්ත්‍රී වරුන්ට ජනපතිගෙන් රතු එළියක්

594 Views


ශ්‍රී. ල.නි.ප   මන්ත්‍රී වරුන්ට ජනපතිගෙන් රතු එළියක්

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීයි.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එකතු කර ගැනීමට එම පෙරමුණ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇතැයිද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post