News Line| Off Air
Generic placeholder image

Dec
18

කටින් පිළිතුරු ලියා ශිෂ්‍යත්වය දිනු දිනූෂා

971 Views


කටින් පිළිතුරු ලියා ශිෂ්‍යත්වය  දිනු  දිනූෂා

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නූ දරුවන් පිළිබඳව මුළු රටේම අවදානය යොමු වෙද්දී විශේෂ අවශ්‍යතා සහිත දියණියක් කටින් පෑන හසුරවමින් ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා සිටිනවා. ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටිනවා.

දිනුෂා බණ්ඩාර නම් වන 11 වියැති මෙම දියණිය මාවනැල්ල කලාපයට අයත්  කොටගල අශෝක පුර විශේෂ පාසලේ ඉගෙනුම ලබනවා. මෙම දියණිය කටින් අකුරු ලිවිම හා චිත‍්‍ර ඇඳීමට දක්ෂතා පෙන්වන අතරම ඇය සමස්ත ලංකා මට්ටමින් පවා චිත්‍ර ඇඳ ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්වී තිබෙනවා. සිය පාසලෙන් මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් අතරින් ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේද දිනූෂායි. හොඳින් ඉගෙන ගෙන  පාසලේම ගුරුවරියක වි අනාගතයේ මෙහි ඉගෙනුම ලබන අයට අධ්‍යාපනය ලබාදීම මේ පුංචි දියණියගේ හීනයයි. අත් පා ඇති දහසක් දෙනා අතර ඔබ මවු රටට ආඩම්බරයක්. දිනුෂ  පුතේ ඔබට සියත 24 අපගේ උනුසුසුම් සුභ පැතුම්.


News Articles
Latest Videos
Most Popular Post