News Line| Off Air
Generic placeholder image

Dec
18

අපි බාඳුරා මලට වැටුණු කොඳුරුවෝ වගේ නිදහස් පක්ෂය ගැන විජයමුණි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි | Audio

607 Views


අපි බාඳුරා මලට වැටුණු කොඳුරුවෝ වගේ නිදහස් පක්ෂය ගැන විජයමුණි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි | Audio

විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තු කරන විශේෂ ප්‍රකාශය

“දේශපාලන අර්බුදය හැම කෙනෙකුටම දැනෙනවා. බදු වශයෙන් ඔවුන්ගේ කරට බර වෙලා ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා. කුඩා පක්ෂ හැසිරුණ ආකාරය ගැන අපි අගයක් එකතු කළ යුතුයි. අපේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කිරිමේ බාධාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපිට ලොකු වගකීමක් තිබෙනවා.අපි බාඳුරා මලට වැටුණු කොඳුරුවෝ වගේ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලෙස අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මම උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මම 1979 අවිස්සාවෙලල නගර සභාවට ඉල්ලුවේ අපේක්ෂකයෝ නැති කාලේ. කිසිම නායකයෙක් ඇවිත් අපට ඡන්දය දෙන්න කිව්වේ නෑ.ප්‍රජාඅයිතිය නැති සිරිමා මැතිණිය අමැති කරන්න කටයුතු කළා. චන්ද්‍රිකා මැතිණිය ජනපති කරන්න කටයුතු කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ හිටියා. දුව යනකොට පුතා යනකොට අපි හිටියා. රංජිත් මද්දුම බණ්ඩාරයි මමයි නයන් පොළගයි වගේ.

අද මේ නයාටයි පොළගටයි වාඩි වෙන්න වුණා. ගලපු ගංවතුරේ එකම කෙහෙල් කොටයට නගින්න වුණා. අපිට ඉස්සරහට යන්න බෑ පස්සට යන්නත් බෑ. එක්කෝ වැට කපන්න ඕන. නැත්නම් අමුඩේ ගලවන්න ඕන.මහින්ද රාපක්ෂ මහතා මට ඇමතිකමක් දුන්නා. එතුමාගේ වටේ තියෙන වෘකයෝ එක්ක ගමනක් යන්න බෑ. මම කැලේ ඇමති, පුෂ්පයා පොල් ඇමති, සුමේධා කිහිලිකරු ඇමති. අපි බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි පක්ෂ පාට නෙමෙයි ජනතාවට ඕන.අපේ ආණ්ඩු කාලයේ මට වැඩකරන්න දුන්නේ නෑ. නමුත් යහපාන රජය කාලයේ මට වැඩ කරන්න දුන්නා. අපි වැව් 200ක් හැදුවා. මම යූඇන්පී එකට ආවා කියලා ආවා හිතන්න එපා. ”

 


News Articles
Latest Videos
Most Popular Post