News Line| Off Air
Generic placeholder image

Dec
19

මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට ආවේ නෑ තාම නිදහස් පක්ෂයේ ඉන්නවා

754 Views


මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට ආවේ නෑ තාම නිදහස් පක්ෂයේ ඉන්නවා

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් රුපියල් 3000ක් තවමත් පක්ෂ අරමුදලට බැරවන බවත්ය.මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන බවත් ඒ අනුව ඔහුට විපක්ෂ නායක ධූරය සඳහා හිමිකමක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 97ක් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post