හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සන්ධාන මහ ලේකම් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගන් දන්වා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති හෙයින් ඔහුගේ මන්ත්‍රීධුරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා .
ඒ අනුව ඔහුට විපක්ෂනායක ධූරය දැරිමට අවස්ථාවක් නොමැති බවටත් ඔවුහු තර්ක තර්කයක් ගෙන එනු ලැබුවා. එයට පිළිතුරු ලබාදීමක් ලෙසයි අමරවීර මහතා මේ ලිපිය යොමු කර ඇත්තේ.