News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාවක් දුන්නේ ඇයි..? ආරක්ෂක ලේකම්වරයා වාර්තාවක් ඉල්ලයි

539 Views


ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාවක් දුන්නේ ඇයි..? ආරක්ෂක ලේකම්වරයා වාර්තාවක් ඉල්ලයි

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා පසුගිය මැයි මාසයේ දී වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූ අතර පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

මැයි මස 25 වැනි දා සිට එම නිවසට පොලිස් නිලධාරීන් 10 දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බව පොලිසිය පවසනවා.

පදනමක් නැතිව එසේ ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇත්තේ ඇයිද යන්න ගැන වාහම වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිට දැනුම් දී තිබෙන අතර එම වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post