News Line| Off Air
Generic placeholder image

Dec
24

කූඹියෝ අධ්‍යක්ෂකවරයා අතුරුදහන් තිර රචකයා වෙනුවෙන් මුහුණු පොතේ තැබූ සටහන

1993 Views


කූඹියෝ අධ්‍යක්ෂකවරයා අතුරුදහන් තිර රචකයා වෙනුවෙන්  මුහුණු පොතේ  තැබූ  සටහන

කූඹියෝ ටෙලි නාට්‍ය මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය වෙනත් දිශාවකට යොමුකළ ටෙලි නාට්‍යක්. එය මෙරට ප්‍රමුක පෙලේ සම්මාන උළෙලවල් කිහිපයකදී පවා ඇගයීමකට පාත්‍ර වුණා. පසුගියදා හිටි හැටියේ කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචකයා අතුරු දහන් වී ඇතියි සමාජ මාධ්‍ය ජාල වල කසු කුසුවක් ගියා ඔබට මතක ඇති . මේ ඒ ගැන එහි අධ්‍යක්ෂකවරයා මුහුණු පොතේ තැබූ සටහනක්

ආයේ කවදාවත් උඹ ගැන පෝස්ට් එකක් දාන්නේ නෑ….. හැබැයි උඹ කොහේහෝ ඉන්නවනම්, fake එකකින් හරි ඇවිල්ලා හරි බලනවනම්….. යකෝ කාට උත්තරයක් දුන්නත් මම මූට කියන්න දෙයක් නැතුව ඉන්නේ ….. මේ පොත් sign කරන ගමන් අපි තුන්දෙනා අන්තිමට ගහපු පිංතූරේ. උඹ දැක්කේ නෑ මේක. Film ,television වලින් ඇතිවැඩක් නෑ…. මැරෙනකල් එල්ලිලා ඉන්න කරන විප්‍රකාර විතරයි ඒවා. ඉන්නවනං, මේක බලනවනං මැසේජ් එකක් තියපං “උඹ ඉන්නවා” කියලා විතරක්….. ආයේ උඹ ගැන මම හොයන්නේ නෑ…. ස්තුතියි උඹ මට උගන්නපු සිනමාවට සහ ලෝකේ ඉස්සරහ මම පත්කරලා ගියපු තැනටයි දෙකටම.
ඒ මොකක් උණත් උඹ අපේ අම්මා නොවදපු මගේ ලොකුඅයියා….උඹ ආපහු ආවත් මම කවදාවත් අහන්නෑ උඹ කොහෙද ගියේ , මොනවද කළේ කියලා.අර උඹ මට කිව්වේ උඹට ඕන්නෑ public වෙන්න කියලා. උඹ දැන් මෙහේ ෂාරුක් කාන් ගාණට ජනප්‍රියයි. මේක දාන්නෙත් උඹ මොනයම් හෝ ක්‍රමයකින් facebook බලනවා කියලා හිතන හිංදම විතරයි….


News Articles
Latest Videos
Most Popular Post