News Line| Off Air
Generic placeholder image

Dec
24

SLFP ලොකු වෙනසක් ජනවාරියේදී

968 Views


SLFP ලොකු වෙනසක්  ජනවාරියේදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවබත් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනපති මෙහිදි සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

එමෙන්ම පුළුල් සංධානයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරිමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post