News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
26

කවුරුත් බලන්සිටි ආකි වැඩ පටන්ගනී

2248 Views


කවුරුත් බලන්සිටි ආකි වැඩ පටන්ගනී

හදවත් රෝගයකින් පෙළෙන ඔස්ට්‍රේලියානු හත් හැවැරිදි ආකි ස්චිලර්ගේ සිහිනය අද යථාර්තයක් බවට පත්විය. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ  මෙල්බර්න් පිටියේදී පැවැතිවෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස ඔහු කටයුතු කරන නිසා.

ආකිගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ සිහිනය අද යථාර්තකයක් බවට පත්කළේය. තරගයේ කාසියේ වාසිය දැමීමේ අවස්ථාවට ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙසින් එක් වුණා.

කෙසේ වෙතත් ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරා.

ඉන් අනතුරුව මාධ්‍ය ඇමතූ ඔස්ට්‍රේලියානු නායක ටිම් පයිනේ පැවැසුවේ තම සම නායකයාට අවශ්‍ය වී  තිබුණේ මුලින්ම පන්දුවට පහරදීමට බවයි. කෙසේ වෙතත් මෙල්බර් පිටියේ වෙනසක් දකින හෙයින් තමන්ට මුලින්ම පන්දු යැවීමට අවස්ථාව ලැබීම වාසියක් බව ඔහු සඳහන් කළා.

ඉන් අනතරුව මාධ්‍ය ඇමතූ ආකි තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පැවැසුවේ ‘හයේ ඒවා ගහලා කඩුලු ගන්න’ ලෙසයි. මෙම තරගයේදී ආකි වෙනුවෙන් ඔස්ට්‍රේලියාව විශේෂිත ටෙස්ට් හිස් වැසුමක්ද ලබාදී තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post