News Line| Off Air
Generic placeholder image

Dec
27

කතානායකගෙන් නව වසරට පණිවුඩයක්

643 Views


කතානායකගෙන් නව වසරට පණිවුඩයක්

කථානායක කරූ ජයසුරිය මහතා විසින් අද දිනයේදි තම අලුත් අවුරුදු පණිවුඩය ඉදිරිපත් කර තිබෙනවා.

උත්සවශ්‍රීයෙන් යුක්තව සමරන නව වසරක උදාව අපගේ ජීවිත වලට මෙන්ම අප මාතෘභූමියට සුබවාදී නැවුම් ආරම්භයකට පදනම සකසයි

විශේෂයෙන්ම 2019 නව වසර උදා වනුයේ අප දේශය ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ජාතික, ආගමික, දේශපාලන සංහිඳියාවෙන් කිසියම් අස්වැසිල්ලකින් යුක්තව නවගමනක් අරඹා ඇති මොහොතකය.

එකිනෙකට වෙනස් අදහස් අතර ඝඨිටනය සජීවී සමාජගත ලක්ෂයකි. එහෙත්, එම සියළු පරස්පරතා අවසානයේ දී ශිෂ්ඨසම්පන්න දියුණු විනයගරුක සමාජයක් ලෙස සාමකාමීව ලෝක ගෞරවයට පත්‍රවනලෙස විසදාගැනීමට හැකිවීම අපගේ මාතෘභූමිය ලද භාග්‍යයකි.

2019 වසර අප දේශය ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝග ජය ගැනීමට පොදු න්‍යයපත්‍රයක් සකසා ගැනීමට සියළු පාර්ශවයන් එක්සත් විය යුතු වසරක් බවට පත්කර ගත හැකිවන්නේනම් එය අනාගත පරපුරට සමෘධිමත් ජයග්‍රාහී රටකට පදනම දමනු ඇත.

ඒ සඳහා ධෛර්‍ය හා විශ්වාසයෙන් යුතු ගමනක් එක්සත්ව ඇරඹීමට 2019 වසරේ දී හැකිවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

සකල ශ්‍රීලංකාවාසී ජනතාවට එම ගමනේහී කොටස්කරුවන් වෙමින් මාතෘ භුමිය වෙනුවෙන් ස්වකීය යුතුකම් ඉටුකරීමෙහි අධිෂ්ඨානය ජනත වන සියළු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත සමෘධිමත් නව වසරකට ආසිරි පතමි.


News Articles
Latest Videos
Most Popular Post