ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
මේ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.