News Line| Off Air
Generic placeholder image

Jan
2

මත්පැන් සහ බීර මත 100 % ක “පාප බද්දක්”

2431 Views


මත්පැන් සහ බීර මත 100 % ක “පාප බද්දක්”

සෞඛ්‍යට අහිතකර ආහාර පාන සඳහා නව බදු පැනවීමේ ප්‍රතිපත්තිය මත 2019 වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සහ බීර මත 100% ක බද්දක් පැනවීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව බදු ක්‍රමය ” පාප බද්ද” යනුවෙන් නම් කර ඇති බවයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මෙම නව බදු ක්‍රමයත් සමග නව වසර උදාවට පෙර සිටම කටාර් රාජ්‍යයේ මත්පැන් අලෙවි කිරීම සඳහා අවසරය හිමිව තිබෙන එකම සමාගම වන ” කටාර් බෙදාහැරීමේ සමාගමේ” සාප්පු සංකීර්ණයේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණා.මේ අනුව නව බදු පැනවීමත් සමග කටාර් රාජ්‍යයේ මත්පැන්, ස්ප්‍රිතු සහ බියර් මිල ගණන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post