News Line| Off Air
Generic placeholder image

Jan
2

2019 පළමු කැබිනට් රැස්වීම අද

437 Views


2019 පළමු කැබිනට් රැස්වීම අද

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.කැබිනට් මණ්ඩලයට පෙර එක්සත් ජාතක පෙරමුණු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුව ඊයේ (01දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් පසුගිය 20 වැනිදා ඇමැති මණ්ඩල රැස්වීමක් පැවැත්වූ නමුත්, ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමක් ඒ වනවිට සිදුකර නොතිබිණි.කැබිනට් ඇමැතිවරුන්ගේ සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ විෂය පථයන් මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර, විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය අද (02දා) පළමු වරට රැස්වේ.


News Articles
Latest Videos
Most Popular Post